Monday, September 14, 2026
spot_img

රංගේ බංඩාරගේ පුතාට අයත් මොටර් රථයක් අනතුරට ලක්වෙයි

Must read

ඡායාරූප – adaderana

හිටපු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ පුතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ දී ඊයේ (11) අනතුරකට ලක් වී ඇති බව ආණමඩුව පොලීසිය පවසයි. මොටර් රථය අනතුරට ලක්ව ඇත්තේ  පුත්තලමේ සිට ආණමඩුව දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක ගැටීමෙනි.

අනතුරින් පසු මෝටර් රථයේ සිටි අය සහ ටිපර් රථයේ රියදුරා පලා ගොස් ඇති අතර පසුව පොලීසිය අදාළ වාහන පොලිස් ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර තිබේ.

මෝටර් රථය යසෝධ නෙතඟ රංගේ බංඩාර නමින් ලියාපදිංචි කර ඇති මොටර් රථයක් බව පොලීසිය පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article