Wednesday, March 12, 2025

යෝෂිත සර්…

Must read

එක් ටියුෂන් ගුරුවරයෙක්ගෙන් හරි මේ වගේ දෙයක් එළියට එන එක හොඳයි. ටියුෂන් අවශ්‍ය බව ඇත්ත වුනත් ඔය මාර්කට් එක දුවන්නේ ඔය වගේ වැඩවලින් තමයි.

ටියුෂන් වීරයෙක් ලංකාවේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක සමහර විට බොලිවුඩ් චිත්‍රපටවල ප්‍රධාන නළුවා වගේ.

මේ ටියුෂන් මාර්කට් එකේ “පුතේ” කියන ආමන්ත්‍රණයෙන්ම එහි ඇති අවලස්සන හඳුනාගන්න පුළුවන්. පොඩි එවුන්ට එසේ ඇමතීම ගැටළුවක් නොවුණත් මේ හිච්චි ටියුෂන් මල්ලිලා සහ නංගිලත් උසස් පෙළ එවුන්ට “පුතේ’ කියන්නේ මොන වගේ දාරක ස්නේහයකින්ද කියන එක හිතා ගන්න අමාරුයි.

“උඹ බොලන්” කියලා කුණුහරුප විහිළු ටිකක් කිරීමත්, දෙකක් ගහලා සමාජය හදන බව පෙන්වීමත් මේ ක්ෂේත්‍රයේ සුලභ රැවටිල්ලක්.

සමහර සිසුන් මේ වැඩේට කැමතියි. බොහෝ පිරිසක් මානසික පීඩාවට ලක්වෙනවා වෙන්න පුළුවන්. ලංකාවේ මෙහෙම වෙන්නේ ටියුෂන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නැතිකම නිසයි.

UKවල පෞද්ගලික උපකාරක පංති (private tuition) පවත්වාගෙන යන ආයතන සහ ගුරුවරුන්ට අදාළ නීති රෙගුලාසි රැසක් තිබෙනවා.

සතියකට පැය 18 කට වැඩි කාලයක් අධ්‍යාපනය ලබා දෙන ආයතන නම් Ofsted හි (Office for Standards in Education, Children’s Services and Skills) යටතේ ලියාපදිංචි විය යුතුයි.

වෙනත් බොහෝ රැකියා ආයතනවල මෙන්ම ළමයින් සමඟ සෘජුව වැඩ කරන ගුරුවරුන්ගේ DBS (Disclosure and Barring Service) ලබා ගැනීම සිදුවෙනවා. ලංකාවට අදාළව ගත්විට මෙය පොලිස් සහතිකය ලබා ගැනීමට සමානයි.

මෙවැනි ගුරුවරුන් ස්වයං රැකියා නියුක්තිකයන් ලෙසයි සැලකෙන්නේ. එබැවින් ඔවුන් HMRC හි (HM Revenue and Customs) ලියාපදිංචි විය යුතුවනවා. වාර්ෂික බදු ප්‍රකාශ (Self Assessment tax returns) සම්පූර්ණ කිරීම අනිවාර්ය දෙයක්.

ඒ වගේම ආයතන පරිශ්‍රයේ සෞඛ්‍ය හා අනෙකුත් ආරක්ෂක නීති නිසි පරිදි අනුගමනය කළ යුත්තක්. මාගේ මිතුරන් කිහිපදෙනෙක්ද මෙවැනි ආයතන පවත්වා ගෙන යන අතර ඔවුන් කෙතරම් ප්‍රවේසම්සහගත දැයි හොඳාකරව දනිමි.

සිසුවෙකුට යම් කායික හෝ මානසික හිරිහැරයක් සිදුව වුවහොත් එම ආයතනය වසාදැමීමට දින සති ගණන් ගත වන්නේ නැත. හිමිකරුට වගේම ගුර්වරුන්ටද හිරේ විලංගුවේ වැටීමට සිදුවනු ඇත. CCTV කැමරා පද්ධති සවිකර ඉතා විනිවිදභාවයකින් ඔවුන් මෙවැනි ටියුෂන් පංති පවත්වාගෙන යන්නේ එබැවිනි.

ලංකාවේ ටියුෂන්, කර්මාන්තයක් මෙන්ම ඡන්ද පංගුවක් බවටද පත්ව තිබේ. මේ කිසිවක බලය නිසා සිසුන් පීඩාවට පත්කිරීමට ඉඩදිය යුතු නැත. මෙවැනි සිදුවීම් වාර්තාවීමෙන් පසුව හෝ අවශ්‍ය පියවර ගැනීම ආරම්භ කළ හැකිය.

|මහින්ද රුබසිංහ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article