Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

යුද හමුදාවට නායකත්වය දුන්නේ මම නෙමෙයි යුද හමුදාපතියි – ගෝඨාභය

Must read

යුද්ධයේදී යුද හමුදාවට නායක්තවය දුන්නේ තමන් හෝ තම සහෝදරයා (හිටපු ජනපති මහින්ද රාජපක්ෂ) නොව එවක යුද හමුදාපති (එවක යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා) බව හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකාරිණී මීරා ශ්‍රී නිවාසන් මහත්මිය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Q යුද්ධයේදී ආරක්ෂක අංශ වෙත භාර වුණ මිනිස්සුන්ට මොකද වුණේ? ඔවුන් කොහෙද?

A ඔබ වැරදියට වටහාගෙන තිබෙන්නෙ. මම යුද හමුදාවට නායකත්වය දුන්නේ නෑ. මගේ සහෝදරයාත් නෙමෙයි.යුද හමුදාව මෙහෙයවන්නේ යුද හමුදාපතියි.

Q ඔබ අනිවාර්යනේම මේ ගැන දැනගත යුතුයි? මේ ප්‍රශ්නය අහන ජනතාවට ඔබ මොකක්ද කියන්නේ?

A මොකක්ද ප්‍රශ්නය

Q යුද හමුදාවට භාර වුණ මිනිස්සුන්ට මොකද වුණේ?

A යුද හමුදාවට භාර වුණ පුද්ගලයන් අපි පුනරුත්තාපනය කළා. ඔවුන් සමජයට ඒකාබද්ධ කළා. ඒ අයට රැකියා අවස්ථා දුන්නා. සමහර අය ආරක්ෂක අංශ වෙත බදවා ගත්තා.

මේ වගේ හොඳ පුනරුත්තාපන වැඩසටහනක් ක්‍රියාත්මක කළ ලෝකයේ වෙනත් රටක් නෑ. අපි ඔවුන්ව අත්අඩංගුවේ තබා ගත්තේ නෑ.

(Ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article