යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවයික්කාල් හිදී මියගිය ද්‍රවිඩ ජනතාව සිහිවීම පිණිස යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකරන ලද ස්මාරකය හමුදාව විසින් කඩා බිඳ දැමීම හෙළා දකිමින් සඳුදා (11) උතුරු නැගෙනහිර දී හර්තාලයක් දියත් කරන ලදී. මෙම හර්තාලයට නැගෙනහිර ජනතාවද එක්වූ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි, ආරයාම්බදි, මඩකලපුව, කාත්තාන්කුඩි සහ වාලෙච්ලචේනෙයි ,කොක්කඩිචෝලෙයි ඇතුලු නගර කීපයක කිහිපයක වෙළඳසැල් වසා දමා තිබුණි. පොදු ප්‍රවාහන සේවා ද බොහෝ තැන්වල ක්‍රියාත්මක නොවූ අතර මේ හේතුවෙන් ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතය වෙනදා පරිදි සිදුනොවීය.
දේවා