Sunday, September 22, 2024

මෙරට කුඩාම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ.

Must read

01

02

ශ‍්‍රී ලංකාවේ කුඩාම වැව ලෙස සැලකෙන මහරගම බොරලැස්ගමුව වැව විධිමත්ව සංවර්ධනය කිරීම අද(03) උදෑසන 11.05 යෙදුණු සුභ මොහොතින් ආරම්භ විය.

පසුගිය කාලය පුරාවටම අපිරිසිදු තත්වයේ පැවැති සහ අවට පරිසර පද්ධතිය විනාශ වෙමින් පැවති බොරලැස්ගමුව වැව අවට ප‍්‍රදේශය විධිමත්ව සංවර්ධනය කිරීම සහ එහි ප‍්‍රතිලාභ ප‍්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට ලබාදීම මූලික අරමුණ බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතාගේ ව්‍යාපෘති සැලසුමකට අනුව මෙහි මූලික කටයුතු සම්පාදනය කෙරී ඇති අතර ඒ අනුව වැව් ජලාශය සහ වැව අවට ප‍්‍රදේශය පළමු අදියරයේදී පිරිසිදු කිරීම සිදු කෙරේ. නාවික හමුදාවේ දායකත්වය ඇතිව අද ආරම්භ වන එම කටයුතු දින 30කින් සම්පූර්ණ කෙරෙන අතර ඉන් අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පූර්ණ අධික්‍ෂණය යටතේ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ තාක්ෂණික සහ මෙහෙයවීම් දායකත්වය ඇතිව වැව වටා කි.මි. 2.5 ක ප‍්‍රදේශයක් ඇවිදින මංතීරුවක් බවට පත් කිරීමත්සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක්ජාතික තරුණ සේවා සභාවේ ඉල්ලීම මත එළි මහන් රංගපීඨයක් අවිධිමත්ව බැහැර කරන අපජලය විධිමත් අන්දමින් බැහැර කිරීමේ ක‍්‍රමවේදයක්මධ්‍ය දූපත් ති‍්‍රත්වය සංචාරක ආකර්ෂණය ගත හැකි දූපත් බවට පත් කිරීම සහ වැව් ඉවුර මත පිහිටි වැව පාර විධිමත් මාර්ග පද්ධතියක් සහ පදික මංතීරුවක් සහිතව සංවර්ධනය කිරීම සිදුකෙරේ.

මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සුඛිත පුරවර ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 175 ක් ආයෝජනය කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින බොරලැස්ගමුව වැවේ පිටවාන වැව් බැම්ම සහ ඉවුර විධිමත් වාරි තාක්ෂණික ක‍්‍රමවේද යටතේ සංවර්ධනය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 50 කි.

2018 වසරේ දෙසැම්බර් මස වන විට අලංකාර පරිසර පද්ධතියක් සහිත අංග සම්පූර්ණ වැවක් බවට බොරලැස්ගමුව වැව පත් කිරීමට සියළු පියවර ගන්නා බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ඊට සමගාමීව වාරි ජලයෙන් අස්වසන කුඹුරු සහ කෘෂි ආර්ථිකය ගොඩනැංග්වීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article