ඊයේ(27) දිනයේදි මෙතෙක් මෙරටින් වාර්තා වන වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ලෙස පරීක්ෂණ 1400 ක් සිදු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඊයේ දිනයේදී PCR පරීක්ෂණ ආරම්භ කල මඩකලපුව ශික්ෂණ රෝහලද ඇතුලුව මෙ වන විට දිවයින පුරා පරීක්ෂණාගාර 16ක PCR පරීක්ෂණ සිදුවන බව ජාසිංහ මහතා සදහන් කරයි.
එමෙන්ම ඉදිරියේදී විශ්වවිද්‍යාල සමඟ එක්ව මෙම කටයුත්ත පුළුල් කිරීමට ඊයේ දිනයේ දී අගමැතිවරයා සමඟ සාකච්ඡා පැවති බවද පැවසු ඒ මහතා, ඉදිරියේ දී පේරාදෙණිය, කැලණිය හා කොළඹ විශ්වවිද්‍යාලයන්හි පරීක්ෂණාගාර තුළ ද PCR පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බවද කියා සිටියේය.