මුලතිව් හි ආබාධ සහිත පවුල් 400 කට කොරෝනා ආධාර ලබාදීමේ වැඩසටහනේ ආරම්භක අවස්ථාව වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය පුරුදු වලට අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (29) වනදා පැවැත්විණි.
කෝවිඩ් 19 තත්ත්වය තුළ දිවයිනේ සංචාරක තහනම හේතුවෙන් ආබාධ සහිත පුද්ගලයින් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන මඟින් මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 6 ක වියළි සලාක සහ කොවිඩ් ආරක්ෂක උපකරණ බෙදා දෙනු ලැබේ.
මෙම ව්‍යාපෘතියට BMZ අනුග්‍රහය දක්වන අතර අරමුදල් සපයනු ලබන්නේ ජර්මානු ළමා අරමුදල සහ ළමා අරමුදල ශ්‍රී ලංකාව විසිනි.
මුලතිව් දිස්ත්‍රික්කයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් කේ. කනකේශ්වරන් සහකාර දිස්ත්‍රික් ලේකම් ලීසෝ කැකිතා මුලතිව් දිස්ත්‍රික් සමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරින්ගේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති සමාරම්භක උත්සවයට සහභාගී වූහ.
ප්‍රතිලාභීන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහ ආරක්ෂක උපකරණ ලබා දෙන ලදී.
මුලතිව් දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින් 400 ක් මෙම වැඩසටහනේ ප්රතිලාභ ලැබීම විශේෂත්වයකි.
ෂන්මුගම් තවසීලන්