Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

මුලතිව් මහ රෝහලට සැත්කම් උපකරණ පරිත්‍යාගයක්

Must read



මුලතිව් දිසා මහ රෝහල සඳහා රුපියල් මිලියන පහක වටිනාකමකින් යුත් අස්ථි බිඳීමේ සැත්කම් උපකරණ පරිත්‍යාගයක් සිදුකරන ලදී. මෙම උපකරණ අද (04) වනදා මුලතිව් දිසා මහ රෝහලට ලබාදෙන ලදී.

ළමා දිළිඳුකම පිටුදැකීමේ අරමුදල (ලන්ඩන්) විසින් ශ්‍රී ලංකා රුපියල් මිලියන පහක් වටිනා අස්ථි බිඳීමේ සැත්කම් උපකරණ පරිත්‍යාග කර ඇත. මෙම අවස්ථාවට වෛද්‍ය විද්වතුන් සහ ළමා දිළිඳුකම පිටුදැකීමේ අරමුදලේ නියෝජිතයින් සහභාගී වූහ.

මුලතිව් දිසා රෝහලේ මෙතෙක් ලබා දී තිබූ උපකරණ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන් යාපනයට යවා ඇති අතර නුදුරු අනාගතයේ දී මුලතිව්හිදී ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාවක් මේ මඟින් උදා වී තිබීම විශේෂත්වයකි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article