Saturday, November 23, 2024

මිරිස් කුඩු වලට පාන්පිටි සහ වර්ණකාරක කලවම් කළ ජාවාරමක් හෙළිවෙයි

Must read

භාණ්ඩවල මිළ ඉහල යෑමත් සමගින් ඒවා ගුණත්වය විවිධකාරයෙන් අඩු කරමින් වංචා දුෂණ රැසක් මතුව එමින් තිබේ.

මේ අතර කෑලි මිරිස්වලට පාන්පිටි හා වර්ණකාරක කලවම් කරමින් අලෙවි කිරීමේ ජාවාරමක් අම්බලංගොඩ ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසු කර ගැනිමටද හැකිව තිබුණ බව අයි.ටි.එන් වෙබ් අඩවිය වාර්තා කර ඇත

කෑලි මිරිස් බෙදා හැරීම සදහා යොදා ගත් ලොරි රථයක් පරික්ෂා කළ අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එහි සාම්පල රස පරික්ෂකවරයාට යොමුකර ඇති අතර ඒ අනුව තහවුරු වි ඇත්තේ අදාළ කෑලි මිරිස්වලට සියයට 50කට පමණ පාන් පිටි ලුණු හා වර්ණකාරක අඩංගු කර ඇති බවයි.

මේ අනුව පරිභෝජනයට නුසුදුසු කෑලි මිරිස් කිලෝග්‍රෑම් 368 ක් විනාශ කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සැකකරුට රුපියල් තිස්දහසක දඩයක්ද නියම කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article