Friday, September 20, 2024

මිනිස් ජීවිතයක් බිලි ගන්න කලින් මේ අලියා ගැන පියවරක් ගන්න !

Must read

වල් අලි ගැටළුව රටේ ප්‍රදේශ ගණාවක් පුරා දැන් පැතිර ගොසිනි.අලි මිනිස් ගැටුමට නිසි විසදුම් දිම සදහා යැයි කියමින් විශාල මුදලක් වැය කිරිමට මැති ඇමතින් කටයුතු කර තිබුණද දැන් මේ එකිනෙකා කුණු හරුප කියා බැන ගන්නවා ඇරෙන්නට සිදුව ඇති දෙයක් නොමැති තරම්ය.

මේ පසුබිම තුල සතියකට අවම වශයෙන් මිනිස් ජිවිත කිපයක් අලි මිනිස් ගැටුම නිසා අහිමිව යමින් තිබේ.

මේ අතර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ගැවසෙන වල් අලියෙකු මේ දිනවල රාත්‍රී කාලයේ හා උදෑසන මින්නේරිය නගරය හා අවට ගම්මානවලට පැමිණීම නිසා නගරයේ වෙළෙඳසල් හිමියන් හා අවට ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති ආකාරය දිවයින වෙබ් අඩවිය අද වාර්තා කර තිබුණි

සෑම දිනකම පාහේ රාත්‍රී හත අට වන විටත් උදෑසන පහ හය වන විටත් ගම් වදින මෙම වල් අලියා නගරාසන්නයේ ඇති කාබනික පොහොර නිෂ්පාදනය කරන ස්ථානයකට යාමට පුරුදු වී ඇති අතර අනතුරුව මින්නේරිය නගරයට ගොස් එහි වෙළෙඳසල්වලින් ඉවත දමන කැළිකසළ කෑමට පුරුදු වී ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මේ පිළිබඳ අදහස් දැක්වූ මින්නේරිය ගෙවල් පහ පදිංචි විශ්‍රාමික පොලිස් සැරයන් වරයෙකු වූ අරුණසිරි මහතා මෙසේ පැවසීය. මේ වල් අලි කරදරය අපිට මහත් පීඩාවක්. කොයි වෙලාවේ වල් අලියා එයිද කියලා විශ්වාස කරන්න බෑ.
අපි පෙරේදා (02) රෑත් මින්නේරිය පොලිසියට ගියා මේ පිළිබඳව කියන්න. මිනිස් ජීවිතයක් බිලි ගන්න ඉස්සෙල්ලා මේ අලියව වෙනත් ප්‍රදේශයකට ගෙන ගොස් දමන ලෙස අපි ඉල්ලා සිටිනවා

rajaratanews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article