මේ වන විට මැතිවරණ පැමිණිලි 26ක් ලැබී ඇති බව පැෆරල් සංවිධානය පවසයි.
මෙම පැමිණිලි අතරින් රාජ්‍ය ආයතන හතරක නීති විරෝධී අන්දමින් රැකියා ලබා දීම් හා ඉඩම් ලබා දීම් පිළිබඳවද පැමිණිලි ලැබී ඇත. එම පැමිණිලි ලැබී ඇති අමාත්‍යංශ වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල, සමෘද්ධි දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය, මහවැලි අමාත්‍යංශයයි.
එමෙන්ම පොලොන්නරුව හා සූරියවැව ප්‍රදේශ වල සිමෙන්ති බෙදාදීමේ සිදුවීම් දෙකක්ද , හම්බන්තොට සිරිබෝ පුර ප්‍රදේශයේ මීට පෙර බෙදා දුන් ඉඩමක් යළි බෙදා දීමේ සිදුවීමක්ද වාර්තා වී ඇත.