Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය 23දි සිට රථවාහන සදහා විවෘත කෙරේ

Must read

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස ලබන 23 වැනිදා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස් දුර ප්‍රමාණය කිලෝමීටර් 96 කි. මාතර-බෙලිත්ත බෙලිඅත්ත-බරවකුඹුක, බරවකුඹුක – අන්දරවැව, අන්දරවැව -හම්බන්තොට වශයෙන් අදියර හතරක් යටතේ මාර්ගය ඉදි කෙරිණි.

මාර්ග දිගුව ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 25,000 කි.මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ සුපරීක්ෂාව යටතේ චීන සමාගම් තුනක් මෙහි ඉදිකිරීම් කටයුතු කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article