Saturday, September 28, 2024

මාක්ස්වාදී ස්ථාවරයකින් විරෝධතා මෙහෙයවූ ජනපති දුන් පොරොන්දු ඉටුකළ යුතුයි !

Must read

මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සී.කේ සෙන්දිල්වේල් මහතා පැවසුවේ නව ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමඟ රට තුළත් ජාත්‍යන්තරයේත් විශාල කම්පනයක් ඇති වූ බවයි.ඔහු මේ බව කියා සිටියේ යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.ඒ නිසා අපි වාමාංශිකයින් ලෙස නව ජනාධිපතිවරයා පිළිගන්නවා.

අපට අනුව ලංකාවේ සියයට අනූවක් වැඩකරන ජනතාවක් සිටිනවා. ජීවන වියදම නිරන්තරයෙන් වැඩි වේ. වත්මන් ජනාධිපතිවරයා දැවැන්ත මාක්ස්වාදී ස්ථාවරයකින් විරෝධතා මෙහෙයවූ අතර දැන් ඔහු දේශපාලනික වශයෙන් සාර්ථක වී ඇත.අපේ රටේ වසර 76ක් පුරාවට සාම්ප්‍රදායික ජවනිකා යැයි කිව හැකි එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අය ජනාධිපති වූ නමුත් අලුත් පුද්ගලයෙක් ජනාධිපති වී ඇත.

ඒ නිසා එතුමා දුන් මැතිවරණ පොරොන්දු එතුමා ඉදිරිපත් කළ ආකාරයටම ක්‍රියා කළ යුතුයි. බොහෝ අය මැතිවරණයට එන්න කලින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරනවා.නමුත් බලයට ආවට පස්සේ ඔවුන් ක්‍රියා කරන්නේ නැති නිසා මම විශ්වාස කරනවා එතුමා  කියපු දේවල් කරයි කියලා.  අපි බලාපොරොත්තු වෙන්නේ දුප්පත් පවුලකින් ආපු අනුර රට වෙනස් කරයි කියලා.

නිදර්ශන් විනෝද් 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article