Tuesday, September 15, 2026
spot_img

මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු ලෙස පෙනී සිටිමින් නිරෝධායනය වන නිවෙස් වලට උපදෙස් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read

(1.30 pm)

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු වශයෙන් පෙනී සිටිමින් වදුරඹ හා පෝද්දල ප්‍රදේශ වල ස්වයං නිරෝධායනයේ යෙදෙන නිවෙස් වෙත ගොස් උපදෙස් ලබාදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වදුරඹ පොලීසිය කටයුතු කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහොඹබලාදෙණිය පොද්දල ප්‍රදේශයේ පදිංචි 35 වියැති පුද්ගලයෙකි. ඔහු අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කාර්යාලයකට අනුයුක්තව සේවය කරන දුම්මැෂින් යන්ත්‍රි ක්‍රියාකරුවෙකු බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා වදුරඹ පොලිස් බල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින එක් නිවසකට හා පොද්දල ප්‍රදේශයේ නිවාස 04ක ගොස් ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article