Saturday, October 5, 2024

මහ ඡන්දය හමාර වූ සැණින් පළාත් පාලන ඡන්දය එයි !

Must read

මේ වනවිට කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය, මහ මැතිවරණය හමාර වූ සැණින් පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

කල් දමන ලද පළාත් පාලන ඡන්දය සෙසු මැතිවරණවලට බාධාවක් නොවන පරිදි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිෂන් සභාවට මෙයට පෙර නියෝග කර තිබිණි.

එම නියෝගයට ගරු කරමින් මහ මැතිවරණ ක්‍රියාවලිය හමාර වූ සැණින් පළාත් පාලන ඡන්දය පැවැත්වෙන බවත් සඳහන්ය.

යෙදී ඇති දින වකවානු අනුව පළාත් පාලන ඡන්දය ලබන වසර මුල් භාගයේ දී පැවැත්වීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

(deshaya.lk)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article