Saturday, November 23, 2024

මරදානේ කොවිඩ්19 ආසාදිත කාන්තාවගේ දරුවාට සිදුවූයේ කුමක්ද?

Must read

ඊයේ (24) දිනයේදී මරදාන ප්‍රදේශයේ පදිංචි ගැබිනි කාන්තාවකට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගතව සිටි කාන්තාවක් බවද සදහන් විය.

එමෙන්ම ඇයගේ දරුවාමිය ගිය බවටද වාර්ථා වූ අතර ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරන්නේ අදාළ කාන්තාවගේ දරුවා ඇගේ කුස තුලදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඇය රෝහල් ගතවන විටම ඇයගේ දරුවා ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් වාර්තා සදහන් කරයි.

ඒ අනුව මෙය මළ දරු උපතක් ලෙස සැළකිය හැකි බවත් දරුවා මිය ගියේ කොවිඩ් ආසාදනයෙන්ද  යන්න පිළිබඳව සියයට සියයක් නිශ්චිතව කරුණු කිව නොහැකි බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත.

අදාළ කාන්තාව රෝහල් ගතවූ අවස්ථාවේදි ඇය කොවිඩ්19 ආසාදිතයෙකු වශයෙන් සැකකල වෛද්‍යවරුන් විසින් ඇයව අදාළ වාට්ටුවට යොමු කර ඇති අතර එහිදී සිදුකල PCR පරීක්ෂණයේදී ඇයට කොව්ඩ්19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article