Friday, September 20, 2024

මත්පැන් අලෙවියට ඉඩදිම ගැන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය නොසතුට පළකරති !

Must read

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවූ ප්‍රදේශවල මත්පැන් අලෙවිසැල් නැවත විවෘත කළ හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව බදාදා (13) නිවේදනය කළේය.ඒ අතර ඇදිරි නිතිය තවමත් ක්‍රියාත්මකව පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හි මත්පැන් අලෙවිය සුපිරි වෙළද සැල් වලට පමණක් සිමා කර තිබේ.
කෙසේ වෙතත්  රට තුළ මත්පැන් අලෙවිසැල් නැවත විවෘත කිරීමට රජය ගත් තීරණය පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) කියා සිටියේ මත්පැන් අලෙවිසැල්වල මිනිසුන්ගේ හැසිරීම අනුමත කළ නොහැකි බව මාධ්‍ය වෙත පවසා තිබේ.

GMOA හි සහකාර ලේකම් නවීන් ද සොයිසා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබුනේ  ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ සුළු කොට තැකූ බවත්, කොවිඩ් -19 තර්ජනය රටින් අතුරුදහන් වූවාක් මෙන් ක්‍රියා කළ බවත්ය.

විධිමත් ලෙස මත්පැන් බෙදා හැරීම නඩත්තු කිරීමේ වගකීම මත්පැන් අලෙවිසැල් හිමියන් විසින් සහතික කළ යුතුය. තම ගනුදෙනුකරුවන් අදාළ දුර ප්‍රමාණය පවත්වා ගෙන යාම සහතික කිරීමට ඔවුන්ට ධෛර්යයක් තිබිය යුතුය. ඔවුන්ට එය කළ නොහැකි බව පෙනේ නම්, වෙළඳසැල් වසා දමන ලෙසට ඔවුන්ට නියෝග කළ යුතුය. ”වෛද්‍ය ද සොයිසා මහතා මෙහිදි අවධාරණය කර තිබේ.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සිය මත පළකරමින් ඇතමුන් කියා තිබුනේ රජය මුහුණ දි සිටින මුල්‍ය අර්බුදයටද විසදුමක් ලෙසින් මෙසේ මත්පැන් අලෙවියට ඉඩ දිමට කටයුතු කර ඇති බවය.

.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article