Saturday, February 22, 2025

මඩු වන්දනාවේ ගොස් සිටි පුද්ගලයෙකු මල්වතු ඔයේ ගිලී අතුරුදහන්

Must read

 

මඩු පොලිස් වසමට අයත් කුංජුකුලම් ප්‍රදේශයේ මල්වතු ඔයේ දිය නෑමට ගොස් පසුගිය සඳුදා (13) සවස දියේ ගිලී අතුරුදන් වූ තරුණයෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි කළද අඟහරුවාදා (14) සවස් වනතුරුම එම තරුණයා ගොඩගැනීමට නොහැකි වි තිබේ.තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මඩු පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තරුණයා දිය නෑමට ගොස් ඇති ප්‍රදේශයට ගොස් සෝදිසියක් සිදුකළා. කෙසේ වෙතත් තරුණයා මෙතෙක් සුවය ලබා නැහැ. සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ බුස්සලාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

එම පුද්ගලයා පසුගිය සඳුදා (13) පස් දෙනෙකු සමඟ මඩු පල්ලියට ගොස් මල්වතු ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.අතුරුදන් වූ පුද්ගලයා සොයා මඩු පොලිසිය ප්‍රදේශයේ ජනතාවගේ සහය ලබා ගනිමින් සිටියි.

එස්.ආර්.ලැම්බට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article