මඩකලපුව, ඔට්ටමාවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කවත්තමුනේ මංගල උත්සව ශාලාව මාර්ගයේ අලියෙකු පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු පසුගිය (22) රෝහලට ඇතුළත් කර තිබේ.
අලියාගේ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා වාලච්චේන මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.
ප්‍රදේශයේ වන අලි ගැටළුව දිනෙන් දින ඉහළ යමින් පවතින අතර, හදිසි අවශ්‍යතා හේතුවෙන් රාත්‍රියේ පිටතට යාමට නොහැකිව මහජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති.
මේ පිළිබඳව අවධානය යොමු කර වන අලි නිවාසවලට ඇතුළුවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස මහජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

