Friday, November 22, 2024

මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් නිදහස් කර දෙන බවට, ඡන්ද පොරොන්දු දුන් අය අද කොහේද ?

Must read

මඩකලපුව දිස්ත්‍රික්කයට මායිම්ව ඇති මයිලත්තමඩු – මාධවනෙයි යි ප්‍රදේශය දිනෙන් දින දිස්ත්‍රික්කයෙන්  බාහිර ප්‍රජාව විසින් අත්පත් කරගනිමින් සිටින බව එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරති.  මේ වන විට අක්කර 5,000 ක් පමණ ගොවීන් ඉවත්කර තිබේ. නැඟෙනහිර මෙම ඉඩම් ප්‍රශ්නය විසදා දෙන බවට බොරු පොරොන්දු දන් පුද්ගලයන්  දැන් බියෙන් සැඟවී සිටින බව මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ  (ටීඑන්ඒ) නියෝජිතයෝ චෝදනා කරති. පසුගිය 28 වනදා  ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) මඩකලපුව දිස්ත්‍රික් නියෝජිතයින්   මයිලත්තමඩු – මාධවන් ගොවිබම් වලට ගොස් ගොවීන් සමඟ  මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්  සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නියෝජිතයින් අදහස් දක්වමින් පසුගිය කාලය පුරා ඡනතාවට ඡන්ද පොරොන්දු ලබාදෙමින් මෙම ගැටළු විසදා දෙන බවට පොරොන්දු වූ රජය නියෝජනය කරන දේශපාලකයෝ දැන් කොහිදැයි ප්‍රශ්න කරන ලදී. තවදුරටත් ඔවුන් පැවසුවේ ,

” මඩකලපුව  දිස්ත්‍රික්කයේ මායිම් ලෙස පිහිටා ඇති මෙම තෘණ  භූමි සහ ඉඩම් පරම්පරා ගණනාවක් තිස්සේ  පශු සම්පත්  කර්මාන්තය වෙනුවෙන්  වෙන්වී  තිබෙනවා.  නීතිවිරෝධී ලෙස  ඔවුන්ගේ ඉඩම් පැහැරගැනිමට එරෙහිව රජය මැදිහත්වීම් නොකර අපගේ ජනතාව පෙළමින් සිටිනවා.
2013 වසරේ මුල්භාගයේදී  යහපාලන රජය සමයේ මෙම ඉඩම් පිටස්තර ජනතාව විසින් අත්පත්කරගෙන වගාකටයුතු කළ අවස්තාවේදී දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර මෙම ප්‍රශ්නයට විසදුමක් ලබාදෙන දුන්නා. නමුත් අපිට චෝදනා කළේ අපි එක්සත් ජාතික පක්ෂයට සහය පළ කළා කියලයි. අනවසරයෙන්  මෙම මයිලත්තමඩු – මාධවනෙයි යි ප්‍රදේශය පිටස්තර ගොවීන් විසින් නැවතත් අත්පත්කරගනිමින් ගොවිතැන් කටයතු වල නියැලී සිටිනවා ,   මඩකලපුව දිසත්‍රික් සංවර්ධන  කමිටු රැස්වීමේදී  සභාපති පිල්ලෙයාන් සහ   සම සභාපති රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන්  මේ සම්බන්ධයෙන්  කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. ඔවුන් තීරණයක් ගන්ඩ බයයි. ”

පසුගිය දිනක මෙම ප්‍රදේශ වල පාරම්පරිකව ඉඩම් පරිහරණය කරන ගොවීන්ගෙන් ඉඩම් බලෙන් අත්පත්කරගත් පිටස්තර පුද්ගලයින්ට එරෙහිව  නඩු පැවරීම සඳහා  දෙමළ ජාතික සන්ධානය ලියකියවිලි ද සකස් කරමින් සිටින බව මෙම සාකච්ඡාවේදී ඒම නියෝජිතයින් විසින් ප්‍රකාශ කරන ලදී.
මෙම සාකච්ඡාවට හිටපු ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී. යෝගේෂ්වරන්, එන්. සිරිනෙසන් , පී අරියනේත්‍රන් , ප්‍රසන්නා ඉන්ද්‍රකුමාර් මඩකලපුව නගරාධිපති ත්‍යාගරාජා සරවනබවන් ,  ඉලංගයෙි තමිල් අරසු කච්චි පක්ෂයේ තරුණ සම්මේලනයේ සභාපති කේ. සේයොන් ඇතුළු ප්‍රාදේශීය සභා සාමාජිකයින් වන මුරලිදරන් , වේල් පරමදේව සහ ගොවියන්ද ද සහභාගී වූහ.

  

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article