Saturday, November 23, 2024

බෞද්ධ භික්ෂූන් වහන්සේලා අධිකරණයට ගරු නොකරන බව මුලතිව් විනිසුරුගේ ඉල්ලා අස්වීමෙන් පෙනීයනවා

Must read

පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ මුලතිව් දිසා විනිසුරු ආර් සරවනරාජා මහතාගේ ධුරයෙන් ඉල්ලා අස්වීම සහ ඔහුගේ රටහැරයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩික්කලනාදන් මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහුගේ අදහස් දක්වන ලදී. මෙම මාධ්‍ය හමුව පසුගිය 29 වනදා මන්නාරමේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පවත්වන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

මේ රටේ අධිකරණ පද්ධතිය ඇත්තටම අවංක ක්‍රමයක්ද යන ප්‍රශ්නය මතුවිය හැකි තත්ත්වයක් මතුව තිබේ. මේ වනවිට මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ අදහස් දෙස බලන විට නීතිපතිවරයා පවා මෙයට සම්බන්ධ බව පැහැදිලිය. අධිකරණය කොහෙද යන්නේ? දෙමළාගේ පැත්තෙන් ඒ විනිශ්චය මධ්‍යස්ථ එකකි.

ඔහු දෙමළ  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සාධාරණ විනිශ්චයක් ලබාදිය හැකි තත්ත්වයක සිටින පුද්ගලයකුට  දෙමළ ජාතිකයකු වීම හේතුවෙන් ඔහුට තර්ජන එල්ල වී තිබේ.මෙය අපි තරයේ හෙළා දකිමු.

අධිකරණය සාධාරණව ක්‍රියාත්මක වීම අපගේ අපේක්ෂාවයි. ජනතාව අධිකරණය විශ්වාස කරලා අද අධිකරණයට කියනවා. නමුත් වත්මන් තත්ත්වය දෙස බලන විට මෙම විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම දෙමළ විනිසුරුවරුන්ට සාධාරණව කටයුතු කිරීමට බාධාවක් වන බිය ගැන්වීමේ ක්‍රියාවකි.

ඒ නිසා සාධාරණ තීන්දුවක් දෙන්න පුළුවන් තත්ත්වයක දෙමළ විනිසුරුවරුන් සිටින්නේ නෑ. නීතිපති දෙපාර්තුමේන්තුවේ හෝ වෙන කාගේ හෝ තීන්දුවක් ඔවුන්ට කියවිය යුතු බව දැන් පැහැදිලිය.ඒ නිසා එය අධිකරණයට අභියෝගයක්.

අධිකරණ අමාත්‍යවරයෙකු සිටිද්දී විනිසුරුවරයෙකුට තර්ජන එල්ල වී තිබීම ගැටළුවක්. ඉතින් අපි මේ කටයුතු තරයේ හෙළා දකිනවා.අපි ඒක පාර්ලිමේන්තු ප්‍රශ්නයක් විදියට ගන්න යනවා.

දෙමළ කතා කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළත් කර ගැනීමටත්, අධිකරණයට ඇති මෙම අභියෝගය නියත වශයෙන්ම ජය ගැනීමටත් අපට කළ හැක්කේ කුමක්දැයි සොයා බැලිය යුතුය.

යුක්තිය මධ්‍යස්ථ නිසා. එය කිසිවෙකුට නැමෙන්නේ නැත. එහෙම බලනකොට අපේ විනිසුරුතුමා හරි තීන්දුව දීලා තියෙනවා. ඒ නිසා තමයි මේ සියලු තර්ජන, බෞද්ධ භික්ෂූන් වහන්සේලා අධිකරණයට ගරු නොකරන බව මේ පිළිතුරෙන් පෙනෙනවා.

කුරුන්දුර්මලෙයි   නඩුවේ  තීන්දුව මගින් විනිසුරුවරුන්ට විශාල පීඩනයක් එල්ල කිරීම සඳහා බොහෝ තර්ජන සිදුකර තිබෙනවා. ඒ නිසා අපේ ජනතාවට වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නයේදී සියලුම විනිසුරුවරුන් ආරක්ෂා කරන්න.
ඉතින් තීන්දුව සාධාරණව දෙන්න නම් අධිකරණයට හිස නමපු අය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතුයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බවත් වත්මන් අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එස්.ආර්.ලැම්බර්ට්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article