ඉන්ධන සඳහා චීනයේ ඉල්ලුම අඩුවීම සහ එක්සත් ජනපදයේ පොලි අනුපාත නැවත වරක් වැඩි වෙතැයි යන අනුමානය හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඒ අනුව,
- බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත්
- වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වාත්
අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.