Friday, September 20, 2024

බාල වයස්කාර දැරියක් ලිංගිකව අපයෝජනය කල පාසල් සිසුන් 7ක් රිමාන්ඩ් භාරයට

Must read

13 හැවිරිදි පාසල් සිසුවියක් විවිධ ස්ථාන වලට රැගෙන යමින් ලිංගික අපයෝජනයට ලක් කල පාසල් සිසුන් 7 දෙනෙකු මේ මස 16 වැනි දිනතෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (2 වැනිදා) නියෝග කළාය.

රිමාන්ඩ් බන්ධානාගාර ගත කල සිසුන් සියලු දෙනාම වයස අවුරුදු 18 වයසේ පසුවීමට විශේෂත්වයකි. මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසිනි.

මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (2 වැනිදා) හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැති අතර එහිදී අතවරයට පත් දැරිය විසින් සැකකරුවන් හත්දෙනා හඳුනාගනු ලැබිණි. ඒ අනුව සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article