ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා ඇතුළු නිලධාරීන් මඩකලපුව දිස්ත්‍රික්කයේ නිල සංචාරයක නිරත වූ අතර දිස්ත්‍රික් ලේකම් ජස්ටිනා මුරලිදරන් මහත්මිය ප්රමුඛ කණ්ඩායම සමඟ ඊයේ (30) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත විය.
මෙහිදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සහ විවිධ ගැටළු පිළිබඳව කරුණු පැහැදිලි කරන ලද අතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නිෂ්පාදන ක්ෂේත්රයන් වන ධීවර, කෘෂිකර්ම, සත්ව පාලනය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු සියලුම අංශ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්වරයා දැනුවත් කෙරිණි.
කාන්තා මූලික පවුල්වලට ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රැකියා ලබාදීමට අවශ්‍ය සහය ලබාදීමට ඉදිරිපත් වන ලෙස ජනාධිපතිතුමා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා කියා සිටියේ තමන් ප්‍රථම වරට මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ඉදිවෙමින් පවතින නිවාසවලට ද ගොස් ඉදිරි සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවයි.
එල්.දේවාදිරන්