ඇදිරි නීතිය පැනවූ දා සිට මේ දක්වා කාලය තුල සිය නිවෙස් බලා යාමට නොහැකිව බස්නාහිර පළාතේ රැඳී සිටින දෙලක්ෂ පනස්දහසක් පමණ වන පදිංචිකරුවන්ට සිය ගම්බිම්බලා යාමට අවසර දීමට කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා පත් කර සිටින ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (23 වැනිදා) තීරණය කළේය.
මේ අතරින් හතළිස් හත්දහසක් පමණ ම කොළඹ හා තදාසන්නව රැඳී සිටින පිරිස්ය.