මුලතිව් නගරයේ පිහිටි ඔලන්දාර් බලකොටුව ජයගත් වන්නියේ අවසන් රජු වූ බණ්ඩාර වන්නියන්ගේ විජයග්‍රහණයේ 220 වැනි සංවත්සරය සැමරීම.
මේ සඳහා හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.ජගතීෂන්, තමිල්රසු පක්ෂ මන්ත්‍රීවරුන් වන කේ.ශිවගුරු, ඊ.ජෙරොන්සන්, ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී උපහාර දැක්වීය.
1803 වසරේ මෙවැනිම දිනයක මුලතිව් බ්‍රිතාන්‍ය බලකොටුව සටනින් අල්ලාගත් දිනය ලෙසත් බණ්ඩාර වන්නියන් වීරයා විසින් එම කාලතුවක්කු දෙක අල්ලාගත් දිනය ලෙසත් මෙම දිනය සනිටුහන් කර සෑම වසරකම ගුණානුස්මරණය පැවැත්වීම විශේෂත්වයකි.