Saturday, September 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

පොහොට්ටුවේ අපේක්ෂකයන් තේරීම නාමයෝජනා කමිටුවක් මගින්

Must read

ඉදිරි මහමැතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයින් තෝරාගැනීම නාමයෝජනා කමිටුවක් මගින් සිදුකිරීමටත්, එය කඩිනමින් ඉටු කිරීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ අවදානය යොමුව ඇති බව වාර්ථා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් , පොදු සන්ධානය නියෝජනය කරන සෙසු පක්ෂ වලද සහභාගීත්වයෙන්  ඊයේ(18) පස්වරුවේදී අරලියගහ මන්දිරයේදී පැවැත්වූ අතර එහිදී මේ සම්බන්දයෙන් සාකච්ඡාවට ලක්වී ඇත.

එමෙන්ම උතුරු, නැගෙනහිර පළාත්වල සන්ධානය නියෝජනය කරන පක්ෂ වෙනම තරග කිරීමටත් මෙහිදී අවධානය යොමුවී තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article