Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

පොලිස් බල ප්‍රදේශ 9ක ගම්මාන 11කට තහංචි

Must read

කොළඹ දිස්ත්‍රික්කයේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 9ක ගම්මා 11ක් තවදුරටත් වසා දමා තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හයක ගම්මාන හා කුඩා ප්‍රදේශ අටක්ද (8) ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන තුනක කුඩා ප්‍රදේශ තුනක් (3) මෙසේ වසා දමා ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ තවදුරටත් වසා අැති ප්‍රදේශ මෙසේය.

  • කෙසෙල්වත්ත ප්‍රදේශයේ 66 හා 146 යන වතුද, කුරුඳුවත්ත ප්‍රදේශයේ 60 වත්තද, කොටහේන ප්‍රදේශයේ බණ්ඩාරණායක මාවත, නාරාහේන්පිට දාබරේ මාවත හා ජාතික පොළ ප්‍රදේශය, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නාගලගම් වීදිය සහ මෝදර ප්‍රදේශයේ මෙත්සඳ සෙවණ නිවාස ප්‍රදේශයට ඇතුළුවීම හා පිට වීම තහනම් කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් වසා දමා ඇති ප්‍රදේශ මෙසේය

  • ජාඇළ සුදුවැල්ල, මිගහවත්ත ප්‍රදේශයේ උඩුපිල උතුර, සමන්පායවත්ත සහ මහබාගේ ප්‍රදේශයේ වැලිසර නාවික හමුදා කඳවුර ප්‍රදේශයට ඇතුළුවීම පිටවීම තහනම් කර ඇත.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article