Friday, September 20, 2024

පේසාලේ සුළං උත්පාදන යන්ත්‍ර පිහිටුවීමේ ව්‍යාපෘතියට ජනතා විරෝධය !

Must read

ඊයේ  බ්‍රහස්පතින්දා (25) පෙරවරුවේ මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මන්නාරම – තලෙයිමන්නාරම ප්‍රධාන පාර, පේසාලේ  ප්‍රදේශයේ සුළං මෝල් ඉදිකිරීම සඳහා  පොදු ඉඩම් මැනීමට අදාළ දෙපාර්තමේන්තු නිලධාරීන් එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී. ප්‍රදේශයේ ජනතාවගේ බරපතල විරෝධතාවයක් මතුව තිබුණි .

මන්නාරම දූපතේ ජනතාව සහ මහජන සංවිධාන අඛණ්ඩව විරෝධතා සහ අරගල කරමින් සිටින අතරවාරයේ මේ වන විට පේසාලේ ප්‍රදේශයේ දෙවැනි අදියරේ සුළං විදුලි ජනන කුළුණ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතී.

ඊයේ (25) පේසාලේ නගරයේ සියලුම කඩසාප්පු වසා දමා ඉඩම් මැනීමට විරෝධය පළ කරමින් පේසාලේ මහජනතාව එම ස්ථානයට රැස්ව සිටියහ. .

මෙම මැණුම් කටයුතු වලට සාමකාමි ලෙසින් විරෝධතාවය දක්වා තිබුණ අතර  රජයේ සැලැස්මට අනුව ඉඩම මැනීමට පැමිණි නිලධාරින් ජනතා විරෝධය නිසා ඇතැම් ස්ථානවල ඉඩම මැන බලා ආපසු  ගොස් තිබුණ බව වාර්තාවේ

මේ අතර ජනතා විරෝධය නොතකා එකී ප්‍රදේශයේ ඉඩම් මැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් තිබීමද විශේෂත්වයකි.

මන්නාරම වාර්තාකරු එස්.ආර්.ලෙම්පෙට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article