පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමේ සැකකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සම්බන්ධ නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 3 දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියම කළාය.
මෙම සිදුවීම සම්බන්දයෙන් දෙවන සැකකරුවන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය බවත් පළමු සැකකරු වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.