පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ ඉදිකල කසල රදවනය වෙත කසල ගෙනයාම ඊයේ (16) ආරම්භ විය. ඒ අනුව ඊයේ දිනයේදී කොළඹ මහනගර සභාවේ කසල මෙම රදවනය වෙත ගෙනයාම ඇරඹි අතර ආරම්භක අදියරය වශයෙන් කසළ ප්‍රවාහන රථ 10ක කසළ එහි තැන්පත් කිරීම සිදුවිය.
ලබන වසරේ මාර්තු පමණ වන විට මෙම කසළ රදවනය වෙත කසළ ගෙන යාම දුම්රිය මගිනි සිදුකිරීමට නියමිත අතර රදවනය වෙත ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ වැඩකටයුතු එළඹෙන මාර්තු මාසය වන විට අවසන් වීමට නියමිත බව හනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක මහතා පවසයි.
මෙම රදවනය තුල මේ වන ඇති ධාරිතාවයට අනුව දිනකට කසළ ටොන් 600ක් තැන්පත් කල හැකි අතර ඉදිරියේදී එහි ධාරිතාව දිනකල ටොන් 1200ක් දක්වා පුළුල් කිරීමටද සැලසුම් කර ඇත.