පිරිසිදු දේශපාලනයක් සඳහා එක් වෙමු යන තේමාව යටතේ මාර්තු 12 සංවිධායකයන් විසින් මුලතිව් දිස්ත්රික්කයේ ජනතා වේදිකාවේ වැඩසටහනක් පැවැත්විණි. 22 වැනි දිස්ත්රික්කය ලෙස මුලතිව් දිස්ත්රික්කයේ දේශපාලන චරිත සහ ජනතාව එක්තැන් කිරීමේ ජනතා වේදිකාවක් ඊයේ (29) ශ්රී ලංකා රතුකුරුස සමාජ ශාලාවේදී පැවැත්විණි. ඊයේ පැවති ජනතා වේදිකාවේ වැඩසටහනට මුලතිව් දිස්ත්රික්කයේ පක්ෂ 6ක නියෝජිතයින් සහභාගී වූ නමුත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිසිවකු සහභාගී නොවීය.මෙම අවස්ථාවට පක්ෂ නියෝජිතයින්, සමාජ ක්රියාකාරීන් සහ මහජනතාව එක්ව සිටියහ.