Monday, September 14, 2026
spot_img

පාසල් ළමුන් සදහා ලබාදෙන පෝෂණ මල්ල ලබන සතියේ සිට

Must read

පාසල් දිවා ආහාර ව්‍යාපෘතියට අයත් වන පාසල් දරුවන් සදහාලබා දෙන පෝෂණ මල්ල ලබන සතියේ සිට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම පෝෂණ මල්ලට බිත්තර දොළහක් සමග මුංඇට, කව්පි, කඩල, සමපෝෂ ඇතුළු පෝෂ්‍යදායි වියළි ආහාර ඇතුළත් වන බවත් ඒ අනුව එහි වටිනාකම රු.996ක් වශයෙන් තක්සේරු කර ඇති බවත් වාර්ථා වෙයි.

කලාප අධ්‍යාපන කාර්යාල මගින් මෙම පෝෂණ මලු සිසුන්ට ලබාදීමට නියමිතය.

පසුගිය සමයේ කෙරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා තැබීඹ හේතුවෙන් පාසල් දරුවන් වෙත දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙන් එම මුදලින් සිසුන්ට පෝෂණ මල්ලක් ලබා දීමට අමාත්‍යාංශ තීරණය කර ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පවසයි.

මාර්තු, අප්‍රේල්, මැයි හා ජුනි යන මාස හතර වෙනුවෙන් පමණක් මෙම පෝෂණ මල්ල ලබා දෙන බවත් පාසල් ආරම්භ කිරීමෙන් පසු එම සිසුන්ට සාමාන්‍ය පරිදි දිවා ආහාරය ලබා දෙන බවත් ලේකම්වරයා කීවේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article