Tuesday, November 5, 2024

පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීමට තීරණයක්

Must read

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සදහා අප්‍රේල්, මැයි මාස වෙනුවෙන් සම්පූර්ණ ගාස්තු අය නොකර ගාස්තුවෙන් අඩක් හෝ දෙමාපියන්ට හැකි පරිදි යම් මුදලක් අය කිරීමට තීරණය කර ඇතැයි පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගම් පවසයි.

වෑන් රථ හිමියන්ගේද ආදායම් මාර්ගය දෙමාපියන් ලබාදෙන ගාස්තුව වන බැවින් එම ආදායම නොලැබුණහොත් රියදුරන්ගේ සහ සහායකයින්ගේ වැටුප් ගෙවීමට මෙන්ම එදිනෙදා වියදම් දරාගැනීමට වෙනත් ආදායමක් නොමැති විශාල පිරිසක් සිටින  බව  සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් කමල් ඉලංගරත්න මහතා සදහන් කරයි.

පවතින තත්වය හේතුවෙන් යම් හෙයකින් මුදල් ගෙවීමට අසීරු මාපියන් වේ නම් ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතව සිතා බැලීමට සූදානම් බවද එම සංගම් සදහන් කරයි.

මේ සම්බන්දයෙන් සාකච්ඡාවක් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සහ සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ නියෝජිතයින් හා  ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ඊයේ (12) පැවැත්විණි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article