(6.30PM) කුමන්ත්රණයකින් දේශපාලන බලය ලබාගැනීමට තැත්කල මේ වන විට අධිකරණය හමුවේ මෙල්ලවන්නට වී ඇති පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පරිවර විසින් පසුගියදා පාර්ලිමෙන්තුවේ හැසිරුණ ආකාරය සමස්ථ ශ්‍රී ලංකිකයන් මෙන්ම මුළු ලොවම මේ වන විට දන්නා කරුණකි.
එම සිදුවීම් සම්බන්දයෙන් විමර්ශනය කිරීම සදහා පත්කල සය පුද්ගල කමිටුව ලබන 12 වන දා රැස්වීමට නියමිත අතර එම හමුවේදී කළහකාරී සිදුවීම්වලට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන නැරඹීමට සැලසුම් කර ඇති බව වාර්ථා වෙයි. ඉන්පසු අදාල සිදුවීම් වලට සම්බන්ද මන්ත්‍රීවරුන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරුනු ඇති.
මෙම සය පුද්ගල කමිටුවේ සාමාජිකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, චන්ද්‍රසිරි ගජධීර, රංජිත් මද්දුම බණ්ඩාර, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් ය.