Friday, September 20, 2024

”ප්‍රශ්න විසඳාගත හැක්කේ අරගලවලින් පමණයි”

Must read



මුලතිව් ධීවරයින් මුහුණ දෙන ගැටලුව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (06) වනදා මුලතිව් හිදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් සහ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන තුරෙයිරාසා රවිකරන් සහ චන්ද්‍රලිංගම් සුඛීර්තන් යන මහත්වරුද සහභාගි වූහ. මෙහිදී ධීවරයින් විසින් දෛනික ධීවර කටයුතුවලදී මුහුණ දෙන ගැටලු පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා දැනුවත් කළහ.

සාකච්ඡාවේදී අදහස් දැක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ,පැවසූවේ විශේෂයෙන්ම දකුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අල්ලාගෙන සිටින දෙමළ ඉඩම් සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසඳුමක් ලබාදී තිබියදීත් එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලිසිය කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. හාමුදුරුවරු අත්අඩංගුවට ගන්න පොලිසියට බැරි බවද පැවසූ සුමන්තිරන් මහතා
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ක්‍රියාකලාපයද විවේචනයට ලක්කරන ලදී. ප්‍රශ්න විසඳිය හැක්කේ අරගලවලින් පමණක් බවත් සියල්ල නීත්‍යානුකූලව විසඳාගත නොහැකි බවත් ඔහු විසින් ධීවරයින්ට අවධාරනය කරන ලදී
.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article