දීර්ඝ කාලයක සිට ජනාධිපති කාර්යාලයට පැමිණෙන පිරිස් වෙත පානීය ජල බෝතල් ලබාදීම සිදුවූ අතර, ඒ හේතුවෙන් දෛනිකව පරිසරයට බැහැර කෙරෙන ප්ලාස්ටික් ප්‍රමාණය පිළිබඳ සලකා බලා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇතැයි පැවසේ.
මෙම පියවර හේතුවෙන් පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණයේ සුළු හෝ අඩුවීමක් සිදුවන අතර, එය අනෙක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලද ක්‍රියාවට නැංවීම පිණිස දුන් ආදර්ශවත් ආරම්භයක් ලෙස සැලකිය හැකිය.
මින් ඉදිරියට ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡා සඳහා සහභාගි වන්නන්ට ජල වීදුරු පිළිගැන්වීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ මෙම පරිසර හිතකාමී ඉදිරි පියවර පරිසර සංවිධාන සහ පරිසර හිතකාමී ආයතන රැසක ඇගයීමටද ලක්ව තිබේ.
යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර කටයුතු කළ සමයේ ඔහුද එම අමාත්‍යංශයට ප්ලාස්ටික් වතුර බෝතල් ගෙන ඒම සිමා කර තිබිණ. ඔහුගේ කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවන් සඳහා සහභාගිවන්නන්ට ලබාදී තිබුනේ වීදුරු බෝතල්වල ඇසුරු පානීය ජලයයි.
මේ නව රජය විසින් සිදුකරනු ලබන නව වැඩ පිළිවෙලවල් පිළිබඳ සමාජ ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස සිය FB පිටුවේ පොස්ටුවක් පළකරමින් මෙසේ සඳහන්කර තිබේ.
theleader.lk