Saturday, September 21, 2024

ප්‍රසිද්ධ චැනලයක මාධ්‍යවේදියෙකුට පොලිස් තර්ජන

Must read

මාධ්‍යවේදියෙකුට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ රූපවාහිනී ආයතනයක ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන 29 හැවිරිදි සහීර් අහමඩ් බාරුක් විසින් තමන්ට අක්කරපත්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා කරමින් පොලිස්පතිවරයා වෙත පසුගිය 21 වනදා මෙම පැමිණිල්ල ඉදිරිපත්කර තිබේ.

මීට දින කිහිපයකට පෙර රාත්‍රී 8.35 ට අක්කරෙයිපත්තුව ප්‍රධාන මාර්ගයේ මුස්ලිම් මධ්‍යස්ථානයක් ඉදිරිපිටින් යතුරුපැදියකින් තම සුවිශේෂී කාර්යයක් සඳහා යමින් සිටියදී EP ​​KF 0842 දරණ මෝටර් රථයකින් පැමිණි උසස් නිලධාරියා තම (මාධ්‍යවේදියාගේ) යතුරුපැදිය නවතා ඔහු තර්ජනය කළ බවට සහීඩ් අහමඩ් බාරුක් පවසයි. මෙම තර්ජනය කිරීමට හේතුව 2021.09.02 වන දින මාධ්‍ය රාජකාරියේ යෙදී සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පොලිස් කණ්ඩායමක් සමඟින් ඔහුට පහර දී කැමරාවද කඩා දැමීමේ සිදුවීමට සම්බන්ධව මාධ්‍යෙව්දියා විසින් සිදුකර ඇති පැමිණීල්ලයි. මෙම පහරදිම සම්බන්ධ වීඩියෝ වීඩියෝ මූලාශ්‍ර තිබෙන අතර එම පහරදීම සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටුවිය යුතු බවද ඔහු පැවසීය. .

පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් තමන් විසින් උසස් පොලිස් නිලධාරීන් වෙත සිදුකර ඇති පැමිණිලි ඉල්ලා අස්කර ගතයුතු බවත් ,එමෙන්ම මානව හිමිකම් කඩකිරිම සම්බන්ධ නඩුවත් ඉල්ලා අස්කරගතයුතු බවටත් මෙම උසස් පොලිස් නිලධාරියා විසින් සහීර් අහමඩ් බාරුක්ට තර්ජනය කළ බව ඔහු සදහන් කරයි. තමන්ට සිදුකළ තර්ජනයේදී නඩුව ඉල්ලා අස්කරනොගතහොත් ‘අපි ඔබව ලගදීම වලලනවා, තමුසේ කා එක්කද හැප්පෙන්නේ කියා තමුසේ දන්නේ නෑ, අතුරුදහන්කරවීමට බැරිවුනත් පණපිටින් වලලනවා’ යැයි තමන්ට තර්ජනය කළ අහමඩ් බාරුක් සිය පැමිණිල්ලේ සදහන් කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article