Saturday, September 21, 2024

ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66%කින් ඉහළට

Must read

පසුගිය දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66%කින් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. පවතින ජල ධාරිතාව ඉදිරි යල කන්නය සඳහා ප්‍රමාණවත් බවයි ඔවුන් කියා සිටින බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

නිරිතදිග මෝසම ආරම්භ වී ඇති අතර ජල පෝෂක ප්‍රදේශවලට මිලිමීටර් 25 ත් 30 ත් අතර වර්ෂාපතනයක් ලැබෙන අතර ජලාශවල ජල මට්ටම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජල පෝෂක ප්‍රදේශවලට අපේක්ෂිත වර්ෂාපතනය ලැබුණහොත් මැයි මාසය වන විට ජල විදුලි නිෂ්පාදනය ඉහළ නැංවීමේ හැකියාවක් පවතිනු ඇතැයි දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article