අද (22) අලුයම ගාලු මුවදොර අරගලකරුවන්ට සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලාදකිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහතා ඊයේ දිවුරුම්දුන් නව ජනාදිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැඩි විවේවචනයක් ඒල්ල කොට තිබේ. ඒ් මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ සාමකාමී ලෙස විසිරවිමට ඉඩ තිබූ අරගලයක් මේ අකාරයට තුවක්කුව පාවිච්චි කරමින් ,පහරදී බියගන්වා මර්ධනය කිරීම වැරදි සහගත බවත් ඒම ම්ලේච්ජ හමුදා සහ පොලිස් ප්‍රහාරය තරයේ හෙලාදකින බවයි. මෙහි වගකීම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ ආණ්ඩුව බාරගතයුතු බව චම්පික රණවක මහතා ප්‍රකාශ කරන ලදී.
පා.මන්ත්‍රී චම්පික රණවක මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය
මෙම සිදුවීම සහ මැයි 06 වෙනිදා රාජපක්ෂ මහතා බලයට ගෙනාපු ඒ් මැරවරයින් ඒල්ල කළ ප්‍රහාරය අතර කිසිම ආකාරයේ වෙනසක් නැහැ. ඒකක් මැර බලය යොදවලා කටයුතු කිරිම අනික රාජ්‍ය බලය යොදවලා කටයුතු කිරීම. ඇත්තට මේ මොහොතේ අවශය මොකක්ද ,ඇයි මේ අරගලය මතුවුණේ. රනිල් වික්‍රමසිංහ මහතා මතක තබාගතයුතුයි ඔහු පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මේ ජනාධිපතිධූරය දක්වා ඒතුමා පැමිනියේ මේ අරගලකරුවන් විසින් රාජපක්ෂ පවුල බලයෙන් පහකිරීම නිසයි. විශෛ්ෂයෙන්ම මහින්ද රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ,ඒ් වාගේම ගෝටාභය රාජපක්ෂ මේ තුන්කට්ටුව බලයෙන් පහකරලා දාලා රටේ ප්‍රජාත්න්ත්‍රවාදයට මංපෙත් විවරකරපු නිසයි මේ රගලකරුවන් මේ කටයුත්ත කළේ. අරගලකරුවන් අතර ඇතැම් විට පොඩි පොඩි ප්‍රශ්න ප්රචන්ඩත්වයේ ලක්ෂන තියෙන්න ඇති. නමුත් මේ මාස 06ක පමණ කාලයක් ලංකාවේ මිනිස්සු පෙළන ප්රශ්නය , කිරිපිටි නැතුව දරුවෝ ඒක්ක දුක්වේදනා විදින අම්මාවරු ,ඉස්පිරිතාලෙට ගියාම,බෙහෙත්ශාලාවට ගියාම බෙහෙත් නැතුව දුක්විදින මිනිස්සු ,පෙට්‍රල් ටික නැතුව,භුමිතෙල් නැතිව,ඩීසල් ටික නැතුව දුක්විදින මේ රටේ සාමාන්‍ය ජනතාව,ආදායම් අහිමිවෙච්ච ගොවියෝ ,ධීවරයෝ ඇතුලු මේ රටේ දුක්විදින ජනතාව මේ සෑම කෙනෙක්ගෙම වේදනාව,වෛරය අද උඩුදුවලා තියෙන අවස්ථාවක සහ ඔවුන්ට තමන්ගේ අනුකම්පාව ,සහකම්පනය අත්යඅවශ්්යයෙන්ම පෙන්විය යුතු මොහොතක මේ පෙන්වලා තියෙන දුෂ්ටත්වය,මේ පෙන්වලා තියෙන අශීලාචාරත්වය ඉතාමත්ම පිළිකුල්සහගතයි. ඒ් වගේම මේ රට ජාත්‍යන්තර වහයෙන් ඒකමුතුවක් ඇතිකරගෙන , සර්ව පාක්ෂක ආණ්ඩුවක් පිහිටුවාගෙන , ප්රජාතන්ත්රවාදී සිමාවන් පුලුල් කරගෙන , ලෝකයේ ආධර දෙන ආයතන වලට අත දිගුකරන්න ගියානම් ඒ් සෑම කෙනෙක්වම කෝපයෙන් මෙන්ම අපකීර්තිමත් ආකාරයට තරහා කරගැනීමක් සිදුවුණා. මේය කිසිසේතම මේ රටට උචිත තත්ත්වයක් නෙමේ. ඔවුන් ඇත්තටම ඒ් අරගලභූමියෙන් බැස යමින් හිටියේ.ඇතැම් කොටස් මොන පුරාජේරු කතාකිවත් බහුතර ජනතාව ඒ් අරගල භූමියෙන් බැස යමින් හිටියේ. ඔවුන්ව සාමකාමී සාකච්ඡා මාර්ගයකින් ඔ්නෑවටත් වඩා ඉඩ තිබුණා. ඒහෙම තිබියදී ඔවුන්ට ඒලවා ඒලවා පහරදෙන්න ඒ් ආරක්ෂක අංශ වල තුවක්ක බලය පාවිච්චි කිරීම මගින් පෙන්වලා තියෙන්නේ අවසානයේ මහජනයාව මේ අන්තවාදී කල්ලි වලට තල්ලු දෙන්නද ? ආයුධ සන්නද්ධ විප්ලව ගැන සිහින දකින බලවේග වලට, ප්රජාතන්ත්ර විරෝධී බලවේග වලට තටුදෙන්නද කියන ඒක ගැන අපි මතක තබාගත යුතුයි. මේ රටේ ඔවැනිම අකාරයට මර්ධනයන් දියත් කරපු අවස්ථාවල උතුරේත් ,දකුණෙත් අපි දැකපු දේ තමයි ආයුධ අතට අරගෙන ප්රතිවරෝධතාකරුවන් ඇවිල්ලා තිබිච්ච තත්ත්වය තවත් නරක් කරගෙන තවත් බිහිසුණු අගාධයකට ගමන් කරලා, දහස් ගණන් ඝාතනය කරලා , ඒ වගේම දස දහස් ගණන් විදේශ ගත වෙලා , ඒ් වගේම මුළුමලින්ම පරම්පරා ගාණක ජීවිත අදුරේ දැමීම. ඒ් නිසා අද අදුරු දිනයක්, ඒ් අදුරු දිනයේ ප්‍රජාතන්ත්‍රවදය කරා ගමන්කිරීමට මේ රටේ ප්රජාතන්ත්රවාදී බලබේග සියලු දෙනා කොන්දේසි විරහිතව ඒකට ඒකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ් වගේම රාජපක්ෂ පවුල තමන්ට කරගන්න බැරිවෙච්ච මේ දුෂ්ට මර්ධනය තමන් විසින් බලයට කැදවාගත් ජනාධිපතිවරයා ලබා කරගැනීම ගැන අපි කම්පා වෙනවා. ඒ් වගේම අධිෂ්ඨානය තවදුරටත් ධෛර්්‍යමත් වෙනවා. අද ඇත්තටම කළයුත්තේ කුමක්ද ? මේ අරගලකරුවන්ට හමුදාව ලබා පහරදීම හෝ නඩු පැවරීම නෙමෙයි. මේ රට බංකොලොත්භාවයට පත්කරන ලද ඒ් දේශපාලන පවුල ,ඒ් වගේම ඔවුන්ට සහයදිපු මහාභාන්ඩාගරයේ ඒ් හිටපු ලේකම්වරු ,ඒ් වගේම මහ බැංකුවේ හිටපු අධිපති ඇතුළු පිරිස ,මේ පිරිස අධිකරණය ඉදිරයට ගෙන ඒ්මයි. යුක්තිය ඉටුකරවාලීමට මේ පිරිසට නඩුපැවරීමයි කළ යතුව තිබුණේ. විශේෂයෙන්ම අර මූල්‍ය පනත යටතේ අර මොනිටර් ලෝ ඇක්ට් ඒක යටතේ වහාම මුදල් අමාත්‍යාංශයේ,මුදල් මණ්ඩලයේ මහබැංකු අධිපතිවාරයා වැනි පිරිස් වලටයි නීතිය ක්‍රියාත්මකවිය යුතුව තිබුණේ. ඒ් වගේම අර පිස්කල් රෙස්පොන්සිබිලිටි ඇක්ට් ඒක, ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාමයි ගෙනාවේ. ඒ් අනුව ණය කළමණාකරනය නොකිරිමේ වරදට භාන්ඩාගාර ලේකම්වරු ,මුදල් අමාත්‍යාංශ ලේකම් හා නිලධාරී පැලැන්තිය අධිකරණය ඉදිරයට ගෙන ඒ්මයි කළ යුතුව තිබුණේ. මේ ජූලි (2022) 25 වනදා බිලියනයක බැදුම්කරය ඒනවා. ඒ් බැදුම්කර වලින් කොල්ලකාපු බිලියන 7කට අධික මුදල විදේශ වල සගවා තිබෙනවා. ඒ් පව්කාර සල්ලි අරගෙන ජනතාව සුඛිත මුදිත කිරීමයි සිදුකල යුතුව තිබුණෛ්. නමුත් මේ වෙනුවෙන් හඩනැගූ පිරිස් වලට මේ ආකාර වලට සැලකීම මගින් බියවද්දන්න හිතන් ඉන්නවා නම් ඒ්ක ලොකු වැරදීමක් කියලා අපි අවධාරණය කරනවා.අපි මේ වෙලාවේ අවධාරණය කරනවා සියලූම වෘත්තියවේදීන්ව, සියලූම වෘත්තිය සමිති ඇතුළු ආගමික නායකයින්ව මේ ප්රජාතන්ත්රවාදී විප්ලවය ඉදිරියට ගෙන යාම සදහා ඒක්වෙන ලෙස.
(උපුටා ගැනීම – (5) පාඨලී චම්පිකගෙන් රනිල්ට දරුණු ප්‍රහාරයක්-රනිල් ප්රජාතන්ත්රවාදී කියලා දිනාගෙන තිබ්බ නම නැතිකරගත්තා – YouTube )