Thursday, September 19, 2024

නේවි නඩුවෙන් වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමේ උත්සාහයට විරෝධය

Must read

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් පසුගිය (08) වනදා අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී විරෝධකාවයක නිරතවුණා. කප්පම් ගැනීම වෙනුවෙන් පුපුද්ගලයින් 11ක් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ 14 වන චූදිතයා වන වසන්ත කරන්නාගොඩ නඩුවෙන් ගලවා ගැනීමේ නීතිපතිවරයාගේ   උත්සාහයට එරෙහිව  අඛණ්ඩ විරෝධතාවයක් අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවි විසින් සිදුකරනු ලබයි. මේ සම්බන්ධයෙන් ඔවුන් බෙදාහරිව ලද ත්‍රකාවක මෙසේ සටහන් කර තිබුණා.

හිටපු නීතිපති සංජය රාජරත්නම් නේවි නඩුවේ 14වන චූදිත වසන්ත කරන්නාගොඩට එරෙහිව තිබෙන චෝදනාවලින් සහ ඔහුව නඩුවේ වගවුත්තරකාරකමෙන් ගලවා ගැනීමට මැදිහත් වුණේ මේ නඩුවේ චූදිතයින් නම් කිරීමේ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය කණපිට හරවමින්.

සංජය රාජරත්නම්ගේ මේ නින්දිත ක්‍රියාව නිසා ත්‍රිපුද්ගල මහාධිකරණයේ මේ නඩුව විභාග කිරීම ප්‍රමාද වුණා. ඔහුගේ අගවිනිසුරු සිහිනය තුළ ඉදිරියේදී වසන්ත කරන්නාගොඩ මේ නඩුවෙන් නිදහස් කිරීම වැලකුණේ සංජය රාජරත්නම්ගේ සේවා දිගුවට ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ අනුමැතිය හිම් නොවීම නිසයි.

නව නීතිපති මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කුමක් සිදු කරාවිද? අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව නව නීතිපති මේ වැරැද්ද නිවැරදි කිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් අවධාණයෙන් සිටින අතර ඊට අදාළ බලපෑම ගොඩනගනවා.

මේ නිහඩ විරෝධතාවය ඒ යුක්තිය, සාධාරණය ඉටුකරවා ගැනීම වෙනුවෙන්.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article