Friday, September 20, 2024

නෙදර්ලන්ත තානාපතිවරිය නැගෙනහිර ආණ්ඩුකාරවරිය හමුවෙයි

Must read

ශ්‍රි ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරිය HE Bonnie Harbach මහත්මිය සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතර විශේෂ හමුවක්  පසුගිය 10 වනදා  පෙරවරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී තානාපතිවරිය ශ්‍රිලංකාවේ දැනට පවතින වත්මන් දේශපාලන තත්වය මෙන්ම පළාතේ නව ආයෝජන අවස්ථාවන් පිළිබද විමසුවාය. එහිදී ආණ්ඩුකාරවරිය පෙන්වා දී ඇත්තේ නැගෙනහිර පළාත ස්වභාවික සම්පත් වලින් අනුන පලාතක් බවත් එහි ආයෝජන කිරීමට ඕනෑතරම් අවස්ථාවන් ඇති බවත්ය ඊට අමතරව ඕලන්ද යුගයේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඉදිකළ ඉපැරණි ගොඩනැගිලි පරිශ්‍රයන් තුල නව විදෙස් ආයෝජන අවස්ථා ඇතිකිරීම පිළිබදව ද තානාපතිවරිය විමසා සිටියාය එහිදී ආණ්ඩුකාරවරිය කියා සිටියේ එය ඉතා වටිනා කටයුත්තක් බැවින් ඉතා කඩිනමින් එම අයෝජන ඇතිකිරීමට බලාපොරොත්තු වන බවයි. මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක පළාත් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ.ජෙගනාදන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article