Friday, September 20, 2024

නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට අපහාස කරන්න බැහැ – මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට එරෙහිව තහනම් නියෝගයක්

Must read

පසුගිය සමයේදී වත්මන් රජයට සහය දක්වන හිමිවරුන් කිහිපයක් විසින් මාධ්‍ය සාකච්ජා පවත්වමින් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට එරෙහිව සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කරනු දක්නට ලැබුණු අතර, ඒ අනුව ඊයේ (28) දිනයේදී ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ දින 14 ක කාල සීමාවකට අදාලවය.
මෙම නඩුව යළි ජූනි මස 11 වැනිදා කැදවීමට නියමිතය
ඉදිරි මහ මැතිවරණය සඳහා ‘පොහොට්ටු’ පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති ජාතික ලයිස්තුවේ ඉහලින්ම සිටින අයකු වන ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම උපදේශකයෙකි. 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article