Friday, September 20, 2024

නිවසේ සිට වැඩ කිරීමේදී හැකර් ප්‍රහාර එල්ලවීමේ දැඩි අවදානමක් පවතිනවා – SLCERT ආයතනයෙන් අනතුරු ඇගවීමක්

Must read

අද (20) දින සිට 27 වනදා දක්වා නිවසේ සිට සිය රාජකාරී කටයුතු සිදුකරන ලෙස රජය විසින් ජනතාවට දැනුම් දුන්නත් එසේ නිවසේ සිට මිය රාජකාරී ස්ථානයේ කටයුතු සිදුකිරීමේදී ඊමේල් හා අායතනවල අනෙකුත් ලේඛන සදහා හැකර් ප්‍රහාර එල්ලවීමේ වැඩි අවදානමක් තිබෙන බව SLCERT ආයතනය අනතුරු අගවයි.

මේ සම්බන්දයෙන් ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් SLCERT ආයතනයේ ඉංජිනේරුවරයෙකු වන රවිදු මීගස්මුල්ල මහතා සදහන් කර අැත්තේ හැකර්වරුන් විසින් phishing හෝ   spear-phishing ක්‍රමවේදයන් භාවිතා කරමින් ආයතන වල කටයුතු වලට බාධා කිරීමට මෙන්ම ආයතන වලපද්ධතීන් වලට හැකර් ප්‍රහාර එල්ල කිරීමේද දැඩි අවදානමක් පවතින බවයි. එමෙන්ම ඊමේල් හරහා malware හා ransomware ප්‍රහාරයන් පැමිණිය හැකි බවත් ඒ මහතා සදහන් කරයි. ඒ හේතුවෙන් යම අවස්ථාවකදී තමන්ගේ ඊමෙල් ගිණුමට “COVID-19” වෛරසය සම්බන්දයෙන් යැයි පවසමින් යම් ආකාරයෙන් ඊමේල් ලැබෙන්නේ නම් ඒවා මත ක්ලික් කිරීමෙන් වලකින ලෙස ඒ මහතා දැනුම් දෙයි.

රජය දැනුම් දී ඇති අකාරයට නිවසේ සිට රාජකාරී කටයුතු කිරීමේදී ජනතාව බොහෝ අවස්ථාවන් වලදී භාවිතා කරන්නේ තමන්ගේ නිවසේ පරිඝනකය බවත් එය රැකියා ස්ථානයේ පරිඝණක වලට සාපේක්ෂව ආරක්ෂාව අඩු පරිඝණකයන් බවත් ඒ මහතා පෙන්වා දෙයි. ඒ හේතුවෙන් මෙවැනි හැකර් ප්‍රහාරයන්, සයිබර් ප්‍රහාරයන්,හා වෛරස් ප්‍රහාරයන් ගැන තම ආයතනයේ සේවකයන් හා පාරිභෝගිකයන්  දැනුවත් කල යුතු බවත් යම් හෙයකින් එවැනි තත්වයක් ඇතිවුවහොත් එය නිවැරදි කරගැනීමට යම් කණ්ඩායමක් යෙදවීම කල යුතු බවත් ඒ මහතා පැහැදිලි කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article