Sunday, September 20, 2026
spot_img
spot_img
spot_img
spot_img

නිරෝධායනය මගහරිමින් සිටි ජාඇල සුදුවැල්ලේ 23ක් අත්අඩංගුවට

Must read

ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම්දී තිබියදීත් නිරෝධායන කටයුතු මගහැර සැරිසරමින් සිටි ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ 23දෙනෙකු නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් අත් අඩංගුවට ගැනීම‍ට කටයුතු කර ඇත.

පසුගියදා කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුපවූ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සමග සෘජුවම සම්බන්දකම් පැවැත්වීම හේතුවෙන් මෙම පිරිසට නිරෝධායනය වන ලෙස ජාඇල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය මගින් දැනුම් දී තිබිණ.

නමුත් මතට ඇබ්බැහි වූ මෙම පිරිස ස්වයං නිරෝධායන නීති රීති කඩ කරමින් ප්‍රදේශයේ සැරි සරන බවට තොරතුරු ලැබීම හේතුවෙන් බටහිර නාවික විධානය මගින් විශේෂ බුද්ධි මෙහෙයුමක් දියත් කර මෙම පුද්ගලයින් 23 දෙනා නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව ඇත.

මෙම පිරිස ඔලුවිල් පුදේශයේ ස්ථාපිත සියළු පහසුකම් වලින් සමන්විත නාවික හමුදා නිරෝදායන මධ්‍යස්තානය වෙත ගෙන යාමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article