ඊයේ (30) දින රාත්රි 7.30ට පමණ වලපනේ ප්රදේශයට ඇඳහැළුණු අධික වර්ෂාවත් සමග වලපනේ මහනුවර ප්රධාන මාර්ගයේ මුන්වත්ත මලපට්ටාව ප්රදේශයෙන් නායයාමක් සිදුවූ අතර එහිදී ප්රධාන මාර්ගයට පහළින් වු නිවසක් සම්පුර්ණයෙන්ම යටවි එම නිවසේ පදිංචිව සිටි අඹසැමි යුවලක් සහ පාසල් සිසුවෙකු සහ සිසුවියක් අතුරුදහන්ව තිබිණි.
පසුව සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී අතුරුදන්ව සිටි තිදෙනෙකුගේ සිරුර හමුවී ඇත.සිරුරු හමුව ඇත්තේ නිවදේ වාසය කල අඹුසැමි යුවලගේ සහ ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනි සිටිමට නියමිතව සිටි සිසුවියකගේ සිරුරුය. හේට (02) දිනයේදී සාමාන්යපෙල විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවාගේ සිරුර මේ වන තෙක් හමුවී නොමැත.
නායයාමට ලක් වු නිවසේ පදිංචිකරුවන්ට මිට ප්රථම එම නිවසින් ඉවත් වන ලෙසට අපදා කළමණාකරන ඒකකය මගින් දැනුම් දිමක් සිදු කර තිබූද වාර්තා වෙයි. එමෙන්ම එම ස්ථානය අනට ප්රදේශයේ කිහිපයක පදිංචි පවුල් ගණනාවක් තවදුරටත් නායයාමේ අවධානමක් පවතින නිසා එම ස්ථානයෙන් තාවකාලිකව ඉවත් කල බව දිස්ත්රික් ලේකම්වරයා කියා සිටියේය.