විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කල බී. සනත් පූජිත මහතා අද (26) දිනයේ විශ්‍රාම යාම හේතුවෙන් නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන මහතා පත්කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව එල්.එම්.ඩී ධර්මසේන මහතා ඉදිරි සතියේදී විභාග කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබේ.