Wednesday, November 27, 2024

නව කේත ක්‍රමයක් මගින් දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ

Must read

දුම්රියේ සේවයේ වැටුප් විෂමතාවයන් ඉවත් කරන්නයැයි සිදුකලඉල්ලීමට විසදුම් ලබාදෙමින් වැටුප් කේතයන් දෙකක් මගින් වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇත. මේ ආකාරයෙන් වැටුප් වැඩිකිරීමරජය තීරණය කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ රාජ්‍ය සේවක වැටුප් විසමතා දුරුකරලීම පිළිබඳ සොයා බැලූ කොමිසන් සභාවේ නිර්දේශ මත බවද මුදල් අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

ඒ අනුව ඒ අනුව දුම්රිය තාක්ෂණික සේවයට අයත් දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ කළමනාකරණ සේවයට අයත් නිලධාරීන් (Supervisory Management Service) සඳහා TL යනුවෙන් අලුත් වැටුප් කේතයක් හඳුන්වාදී ඇති අතර එහි ආරම්භක වැටුප රුපියල් 36095 කි. එයට අමතරව දුම්රිය එන්ජින් රියදුරු සහායකගේ (Railway Engine Driver Aida) වැටුප් MT ලෙස නව වැටුප් කේතයක් හඳුන්වා දී ඇත. එහි ආරම්භක මූලික වැටුප රුපියල් 34415 කි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article