Tuesday, September 29, 2026
spot_img
spot_img
spot_img
spot_img

නල්ලූර්හි ස්මාරක ප්‍රතිමාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක්

Must read

 

​යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ස්මාරක දීපම් (තියග දීපම්) ස්මාරක ප්‍රතිමාව ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ අතර දැඩි වාද විවාද හා ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව තිබේ. මෙම සිදුවීම පිටුපස දෙමළ අරසු කච්චි පක්ෂය සිටින බවට දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) චෝදනා කර ඇති අතර, අරසු කච්චි නායකයෝ එය තදින් ප්‍රතික්ෂේප කරති

නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ස්මාරක දීපම් ස්මාරකය ඉරිදා දිනෙක පොලිසිය විසින් ඉවත් කරනු ලැබ ඇත.

​දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, මෙම ප්‍රතිමාව ඉවත් කිරීමට සහ පොලිස් ක්‍රියාමාර්ගයට දෙමළ අරසු පක්ෂයේ නායකත්වය වගකිව යුතු බවයි.

​මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් දෙමළ අරසු පක්ෂයේ නායක මෙන්ම උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් ප්‍රකාශ කළේ, ප්‍රතිමාව ඉවත් කිරීමේදී තම පක්ෂයේ හෝ තම නම භාවිත කරමින් සිදුකළ චෝදනා අසත්‍ය හා දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

​ තමන් හෝ තම පක්ෂය පොලිසියට ප්‍රතිමාව ඉවත් කරන ලෙස කිසිදු ඉල්ලීමක් කර නොමැති බවත්, එය දේශපාලන වංචාවක් ලෙස හංවඩු ගසමින් ඇතැමුන් පදනම් විරහිත චෝදනා කරන  බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

​මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ දේශපාලන උණුසුම ඉහළ ගොස් ඇති අතර, ස්මාරක ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විරෝධතා හා විවිධ මත පළ වෙමින් පවතී.

​

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article