Tuesday, November 5, 2024

ධීවරයන්ට අවවාදාත්මක නිවේදනයක්

Must read

අද(06) පස්වරු 3දක්වා බලපැවැත්වෙන පරිදි ධීවරයන් සඳහා අවවදාත්මක නිවේදනයක් නිකුත්කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

එම නිවේදනය⁣ට අනුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යළි දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතු වල නොයෙදෙන ලෙසත්, දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත පිරිස කඩිනමින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත යාත්‍රා කරන ලෙසත් ධීවරයන්ට දැනුම් දෙයි.

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද (06) වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම මීට හේතුවයි.

 

එම පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට හා ඉන්පසුව දිවයිනේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වන බවත්, එලෙස වර්ධනය වන සුළි කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක හරහා ලබන 08 වැනි දා වනවිට තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article